Latestදේශීය

සම්පත් මනම්පේරි රදවා තබාගෙන ප්‍රශ්ණ කරයි

මිද්දෙ­ණිය ප්‍රදේ­ශයේ ඉඩ­මක වළ දමා තිබි­යදී සොයා­ගත් අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බව සඳ­හන් සුදු පැහැති කැට විශේ­ෂය සම්බ­න්ධ­යෙන් කෙ‍රෙන විම­ර්ශ­නය සඳහා අත්අ­ඩං­ගු­වට ගැනී­මට සොය­මින් සිටි සම්පත් මන­ම්පේරි නමැත්තා ඊයේ (17) පස්වරු වල­ස්මුල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට භාර වීමෙන් පසු දින 07ක කාල­යක් සඳහා රඳවා තබා­ගෙන ප්‍රශ්න කිරීම සඳහා වල­ස්මුල්ල මහේ­ස්ත්‍රාත් කෝකු හැන්න­දිගේ නවෝදා මහ­ත්මිය පොලී­සි­යට අව­සර ලබා දී තිබේ.

මිද්දෙ­ණිය තෝර­කො­ළ­යාය ප්‍රදේ­ශයේ ඉඩ­මක වළ­දමා තිබි­යදී පසු­ගිය 05 වැනි දින මෙම ද්‍රව්‍ය සොයා­ගනු ලැබුවේ බස්නා­හිර පළාත් උතුර දිසා අප­රාධ විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන් විසිනි. ඒ එම කොට්ඨා­සය භාරයේ සිටින ‘බැකෝ සමන්’ නමැ­ත්තා­ගෙන් සිදු කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී ලැබුණු තොර­තු­ර­කට අනු­වය.

‘කෙහෙ­ල්බ­ද්දර පද්මේ’ නමැ­ත්තකු විසින් මෙම ද්‍රව්‍ය මෙර­ටට ගෙන්වා ඇති බවට ඔහු ප්‍රකාශ කර තිබේ. පොලී­සිය සඳ­හන් කළේ, ශ්‍රී ලංකා පොදු පෙර­මුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රී­ව­ර­යකු හා පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණයේ එම පක්ෂයේ අපේ­ක්ෂ­ක­යෙක් වූ ඔහුගේ සහෝ­ද­රයා මෙම රසා­ය­නික ද්‍රව්‍ය සඟවා තබා­ගෙන සිටි බවයි.

ඒ අනුව විම­ර්ශන නිල­ධා­රීන් සිද්ධි­යට සම්බන්ධ සැක­ක­රු­වන් සොයා පරී­ක්ෂණ ආරම්භ කරනු ලැබීය. මෙම සිද්ධියේ සැක­ක­රු­වකු වන සම්පත් මන­ම්පේරි නමැත්තා ද පොලී­සිය මඟ­හැර සැඟවී සිටි­යේය. එලෙස සැඟව සිටි සම්පත් මන­ම්පේරි නමැත්තා නීති­ඥ­යකු මාර්ග­යෙන් පසු­ගිය 15 වැනි දින අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට රිට් පෙත්ස­මක් ඉදි­රි­පත් කර තිබුණි.

සම්පත් මන­ම්පේරි නමැත්තා වෙනු­වෙන් පෙනී­සිටි නීති­ඥ­ව­රයා අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටියේ තම සේවා­දා­ය­කයා අදාළ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට භාර වීමට සූදා­නම් බවත්, එසේ භාර වීමෙන් පසු සම්පත් මන­ම්පේරි නමැ­ත්තාගේ ආර­ක්ෂාව තහ­වුරු කිරී­මට පිය­වර ගන්නා ලෙස පොලි­ස්ප­ති­ව­ර­යාට නියෝ­ග­යක් නිකුත් කරන ලෙසය.

ඒ අනුව කරුණු සලකා බැලූ අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල විසින් සැක­ක­රුගේ ආර­ක්ෂාව තහ­වුරු කරන ලෙසට විම­ර්ශන නිල­ධා­රීන්ට නියෝ­ග­යක් නිකුත් කෙරුණි. එම නියෝ­ගය නිකුත් කර දින දෙක­කට පසු ඊයේ (17) නීති­ඥ­යකු මාර්ග­යෙන් වල­ස්මුල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට මෝෂන් පත්‍ර­යක් ඉදි­රි­පත් කර සැක­කරු පස්වරු 03.00ට පමණ භාර වීය.

සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් වන අව­ස්ථාවේ අධි­ක­ර­ණය අවට විශේෂ ආර­ක්ෂා­වක් ද යොදවා තිබුණි. අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කෙරුණු සැක­කරු වෙනු­වෙන් නීතිඥ ඒ.එම්.ඒ.ඒ. ලක්මාල් රත්නා­යක, නීතිඥ තිළිනි වික්‍ර­ම­සිංහ දෙපළ ඇතුළු නීති­ඥ­ව­රුන් කිහිප දෙනෙක්ම අධි­ක­ර­ණය හමුවේ පෙනී­සිට කරුණු ඉදි­රි­පත් කළහ.

පැමි­ණිල්ල වෙනු­වෙන් පෙනී සිටි බස්නා­හිර උතුර අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය නිල­ධා­රීන් විසින් ද මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණය ඉදි­රියේ කරුණු ඉදි­රි­පත් කළ අතර සැක­කරු රඳවා තබා­ගෙන ප්‍රශ්න කිරීම සඳහා අව­සර ලබා දෙන ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය. ඒ අනුව කරුණු සලකා බැලූ වල­ස්මුල්ල මහේ­ස්ත්‍රා­ත්ව­රයා සැක­කාර සම්පත් මන­ම්පේරි නමැත්තා දින 07ක් රඳවා තබා­ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලී­සි­යට අව­සර ලබා දුන්නේය.

අධි­ක­ර­ණ­යට භාරවූ සම්පත් මන­ම්පේරි නමැත්තා කලක් පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු ලෙසත්, කෙටි කාල­යක් බුද්ධි අංශ නිල­ධා­රි­යකු ලෙස ද කට­යුතු කර ඇති බව වාර්තා වෙයි. සැක­ක­රුගේ සහෝ­ද­රයා වන ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ හිටපු ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­ර­යෙකු වන පියල් මන­ම්පේරි නමැත්තා ද මෙම සිද්ධි­යට අදා­ළව මීට පෙර අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

එහිදී අත්අ­ඩං­ගු­වට පත් සැක­ක­රු­ව­න්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය වී තිබුණේ, මෙම ද්‍රව්‍ය ජන­වාරි මස 29 වැනි දා කොළඹ සිට කන්ටේ­නර් දෙකක අසුරා රැගෙ­න­විත් කලු­ව­ග­හ­යාය පාර, තලාව, කාරි­ය­ම­ඩිත්ත ප්‍රදේ­ශයේ මාර්ගය අයිනේ ගබ­ඩා­කර තිබී පසුව අගෝස්තු මස 31 වැනි දින ගෙව­ත්ත­කට රැගෙ­න­විත් වළ දමා ඇති බවයි. කිලෝ 500ක බරින් යුතු කවර 22ක් මෙලෙස වළ දැමූ බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ජේසීබී යන්ත්‍රයේ ක්‍රියා­කරු පොලී­සි­යට පවසා තිබුණි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *