සබරගමුව හිටපු ඇමැති රාහුබද්ධ රිමාන්ඩ්
රුපියල් කෝටි 07 ක් රජයට පාඩුවන අන්දමින් වංචනික පරිහරණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සබරගමු පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා ඇමැති අතුල කුමාර රාහුබද්ධ මහතා ඊයේ (18දා) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
2016 – 2017 කාලවකවානුවේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව අතුල කුමාර රාහුබද්ධ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (17දා) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ අදාළ කාලසීමාව තුළ දියත් කළ ව්‍යාපෘති 77 ක් අතුරින් ව්‍යාපෘති 15කට අදාළව මුදල් වැයකර තිබුණත් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වී නොමැති බවය.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

