Latestදේශීය

වසර 5කට පසු පුත්තලමෙන් වාර්තාගත ලුණු අස්වැන්නක්

පවතින වියළි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තාගත ලුණු අස්වැන්නක් ලැබී ඇති බවත්, ඉදිරි දින කිහිපයේ ද මෙලෙස වියළි කාලගුණ තත්ත්වයක් පැවතුණොත් රටේ ලුණු අවශ්‍යතාවෙන් බහුතරයක දායකත්වය පුත්තලමෙන් ලබා දිය හැකි මට්ටමක පවතින බවත් ලුණු නිෂ්පාදකයෝ පවසති.

මේ වන විට මෙට්‍රික් ටොන් ලක්ෂය ඉක්මවිය හැකි මට්ටමක ලුණු අස්වැන්නක් පවතින බව ලුණු වගාකරුවෝ පවසති. පසුගිය වසර ගණනාවක නොකඩවා ඇදහැලුණු මහ වැසි සමඟ පුත්තලමේ ලුණු නිෂ්පාදනය සම්පූර්ණයෙන් නැවතී ගොස් ලුණු ලේවායන් වැසි ජලයෙන් යටවී කර්මාන්තය අඩාළවී තිබු බව ලුණු නිෂ්පාදකයන් විසින් පවසන ලදි. ඒ හේතුව නිසාම රටේ ලුණු අවශ්‍යතාවට වුවමනා ලුණු තොග ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් ආනයනය කිරීමට රජය කටයුතු කර තිබුණේ ලුණු හිඟයට පිළියම් ලෙසිනි.

මෙරට සමස්ත ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් එක් ලක්ෂ අසුදහසකට ආසන්න වේ. එය ආහාර හා අනිකුත් නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රමාණයයි. පුත්තලම හැරුණු විට අලිමංකඩ සහ හම්බන්තොට ලුණු නිෂ්පාදනය ද ඉහළ මට්ටමක පවතී.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *