Latestදේශීය

ඩෑන් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ කුලී ඝාතකයා කෑගල්ල රංවල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක සැඟවී සිටිය දී කෑගල්ල විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පෙරේදා (18 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කුලී ඝාතකයාට රැකවරණය දීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කාන්තාවක් සහ නිවාඩු නිකේතනය හිමිකරු ද පොලිස් අත්අඩංගුවට පත්වූහ.

වැල්ලේ සාරංග නමැති පාතාල නායකයාගේ නියෝග මත තමන් ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කළ බව අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.

විදේශගතව සිටින වැල්ලේ සාරංග ලබාදුන් නියෝගයක් මත මෙම ඝාතනය සිදු කළ බවත් ඒ සඳහා අවශ්‍ය කළ පිස්තෝලය නාඳුනන පුද්ගලයකු විසින් තමන්ට ලබාදුන් බවත් කුලී ඝාතකයා පවසා ඇත.

මෙම කුලී ඝාතකයා යුද හමුදාවෙන් පලා ගිය අයෙකි. මොහු මීට මාස දෙකකට පමණ උඩදී කෑගල්ල රංවල පිහිටි නිවාඩු නිකේතනය වෙත පැමිණ සිට ඇත.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙයි.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *