Latestදේශීය

හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිර දඬුවම්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර තිබේ.

ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් අද (23) මෙම තීන්දුව ලබා දී ඇත.

පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු, වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.

එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින්, අධිකරණයට අපහාස කළේ යැයි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට චෝදනා එල්ල වී තිබිණි.

ඉහත ක්‍රියාව තුළින් විත්තිකරු වන හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට බරපතළ අපහාසයක් සිදු කර ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු අධාරණය කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *