අසඩක් ශේෂ කර නලීන් නික්ම යයි
මෙරට සිනමාව, පුංචි තිරය හා වේදිකාව යන අංශ තුනෙහිම ස්වකීය රංගන ප්‍රතිභාව දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල මහතා ඊයේ (23දා) අලුයම තම දිවි රඟමඬලට සදහටම සමුදුන්නේය.
මිය යන විට 56 වැනි වියේ පසුවූ නලින් ප්‍රදීප් උඩුවෙල මහතා කලක් රෝගාතුරව මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය.
ඒ මහතා හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ද වේ. ‘ජුලියට් ගේ භූමිකාව, තාරකා මල්, පරාවර්තන, අසයි මම පියාඹන්න ඇතුළු චිත්‍රපට රැසකත් ජූරිය, කැලණි පාලම, මැන්ඩෙලා, මෝදර මෝල, නව හුණුවටයේ කතාව, සෙවනැලි ඇඳි මිනිස්සු, සුද්දෙක් ඔබ අමතයි ඇතුළු වේදිකා නාට්‍යවලද අකුරු මැකී නෑ, අපර්ණා, බට්ටි, බාලොලි, ඇත් කඳ ලිහිණි, මොණරවිල, නිසල විල, සුදු හාමිනේ ඇතුළු ටෙලිනාට්‍ය රැසකද සිය රංගන ප්‍රතිභාව විදහා පෑ නලින් ඒ වෙනුවෙන් රන් සම්මානයට ද පාත්‍රවිය.
දිල්හානි උඩුවෙල මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වූ උඩුවෙල මහතා බිනර සහ කවිඳු පුතුන්ගේ ආදරණීය පියානන්ද විය. ඔහුගේ දේහය මත්තේගොඩ, ප්‍රසන්න උයන, දෙවන පටුමග අංක 193/55 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (25දා) සවස මත්තේගොඩ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

