මිදිගම රුවන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (24) පස්වරුවේ වැලිගම සහ මිදිගම අතර ප්රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ටී-56 ගිනිඅවි 3ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘මිදිගම රුවන්’ ගේ සමීපතමයෙකු බව පොලීසිය පැවසීය.
ලද තොරතුරුකට අනුව අත්අඩංගුවට ගත් සැකකරුගේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසේ උඩුමහල පරීක්ෂා කිරිමේදී මෙම ගිනිඅවි හමුව ඇත.
එහිදී ටී-56 ගිනිඅවි තුනට අමතරව මැගසින් 01 හා උණ්ඩ 30ක්ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි වියේ පසුවන වඩු රැකියාවේ නිතරවූ අයෙක් බව පොලීසිය පැවසීය.
ඔහු බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ මේ වනවිට රදවා සිටින මිදිගම රුවන් නමැත්තාගේ පියාගේ වැඩිමහල් සහෝදරියගේ, දියණියගේ ස්වාමිපුරුෂයා බව සඳහන්.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

