Latestදේශීය

රියදුරා පැය 30ක් විවේකයෙන් තොරව රිය පදවලා – බිමල් රත්නායක

ඇල්ල ප්‍රදේ­ශ­යේදී පසු­ගිය දිනක සිදුවූ බිහි­සුණු අන­තුර සම්බ­න්ධ­යෙන් සිදු­කළ විම­ර්ශ­න­යට අදාළ වාර්තාව තුළින් අන­තුර පිළි­බඳ කරුණු රැසක් අනා­ව­ර­ණය වූ බවත් එම බස්ර­ථයේ රියැ­දුරු විවේ­ක­ය­කින් තොරව පැය 30කට අධික කාල­යක් ධාව­නයේ නිර­තව ඇති බවත් අමාත්‍ය බිමල් රත්නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (23) ප්‍රකාශ කළේය. බස් රථයේ තිරිංග හා නඩ­ත්තු­වේද ගැටලු ගණ­නා­වක් තිබී ඇති අතර එම වාර්තා­වට අනුව බස්රථ රියැ­දුරු අධික වෙහෙ­ස­කින් ධාවන කට­යුතු සිදු­කර ඇති බවත් හෙතෙම පැවැ­සීය.

මෙම විම­ර්ශ­න­යට අදාළ වාර්තාව මේ වන­විට වෙබ් අඩ­වි­යට ඇතු­ළත් කර ඇති අතර ඕනෑම අය­කුට එම වාර්තාව පරි­ශී­ල­නය කළ හැකි බව ද ඇමැ­ති­ව­රයා පැවැ­සීය.

සභා­නා­යක, අමාත්‍ය බිමල් රත්නා­යක මහතා මේ බව සඳ­හන් කළේ පාර්ලි­මේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා මතු­ක­රන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේ, පොදු මගී ප්‍රවා­හන සේවයේ නිරත සිය­ලුම රියැ­දු­රන් දෙසැ­ම්බර් 31 වැනි­දාට පෙර අදාළ රියැ­දුරු බල­ප­ත්‍රය නිසි පරිදි ලබා­ගත යුතු බවයි. මීට සම­ගා­මීව පාසල් වෑන් රථ, කාර්යාල වාහන සහ බස්රථ පරික්ෂා කරන ලෙසට රථ­වා­හන පරී­ක්ෂ­ක­යන්ට දැනුම් දෙන බව ද අමා­ත්‍ය­ව­රයා පැවැ­සීය.

එමෙන්ම සිය­ලුම දුම්රිය ස්ථාන විශේෂ අව­ශ්‍යතා ඇති පුර­වැ­සි­යන්ට පහ­සු­වෙන් ප්‍රවේශ විය හැකි ස්ථාන බවට පත්ක­රන බව ද අමා­ත්‍ය­ව­රයා පැවැ­සීය. මේ සම්බ­න්ධ­යෙන් වන තීන්දු­වක් අධි­ක­ර­ණය විසින්ද ලබා දී ඇති බවත් ඇමැ­ති­ව­රයා පැවැ­සීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නා­යක මහතා මෙසේද පැවැ­සීය.

“පොදු මගී ප්‍රවා­හ­නයේ නියැළී සිටින සිය­ලුම රිය­දු­රන් දෙසැ­ම්බර් 31 වැනි දිනට පෙර අදාළ පොදු ප්‍රවා­හන රිය­දුරු බල­ප­ත්‍රය නිසි ලෙස ලබා ගන්නා ලෙස අපි ඉල්ලා සිටි­නවා. මේ සඳහා අවශ්‍ය පහ­සු­කම් සප­ය­නවා. ඒ වගේම රථ­වා­හන පරී­ක්ෂ­ක­යන්ට, නියා­ම­ක­යන්ට අපි දැනුම් දී තිබෙ­නවා, මීට සම­ගා­මීව පාසල් වාහන, කාර්යාල වාහන සහ බස් රථ පරීක්ෂා කරන ලෙස දැන්වූවා. ඇල්ල ප්‍රදේ­ශයේ දී සිදුවූ අන­තු­රට අදා­ළව සිදු වූ බර­ප­තළ බස් අන­තුර පිළි­බඳ විම­ර්ශන වාර්තාව මේ වන­විට නිකුත් කර තිබෙ­නවා. ඒ වගේම මෙම වාර්තාව වෙබ් අඩ­වි­ය­ටත් ඇතුළු කර තිබෙ­නවා. ඕනෑම කෙන­කුට එය පරීක්ෂා කළ හැකියි. මෙම විම­ර්ශන වාර්තා­වෙන් බොහෝ දේ හෙළි­ද­රව් වී තිබෙ­නවා. එබැ­වින් වාහන අන­තුරු පාල­නය කිරීම සඳහා අපි විවිධ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කර­මින් සිටි­නවා. එම වාර්තා­වට අනුව එම රියැ­දුරු මහතා අධික වෙහෙ­ස­කින් ලොකු කාල වේලා­වක් රිය ධාව­නය කර තිබෙ­නවා. ඒ වගේම බස්ර­ථයේ තිරිංග සම්බ­න්ධ­යෙන් බර­ප­තළ ගැටලු තිබී තිබෙ­නවා. ඒ වගේම වාහ­න­වල සහ රියැ­දු­රන්ගේ ප්‍රශ්න තිබෙ­නවා. වාහ­න­ව­ලට මොන ලයි­සන් තිබු­ණත් වාහ­නය පාරට දාන්න කලින් පාරේ ධාව­නය කරන්න පුළු­වන්ද යන්න පරික්ෂා කළ යුතුයි.

විශේ­ෂ­යෙන් කඳු­කර ප්‍රදේ­ශ­වල මාර්ග­වල ආර­ක්ෂිත වැට­වල් සවි කිරීම සඳහා අපි රුපි­යල් මිලි­යන දහ­සක් වෙන් කර තිබෙ­නවා.

ඒ වගේම දැනට දුම් පරී­ක්ෂණ තුළින් වාහ­නයේ රනින් කන්ඩි­ෂන් එක පරීක්ෂා කර­නවා. ඒ නිසා මේකෙදි ඇත්ත තත්ත්වය එන්නේ නැහැ. පසු­ගිය කාලය තුළ යම් යම් තීරණ අරන් තිබෙ­නවා. කොහො­මත් මේක ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දු­ව­කින් පසු­වයි පත් කරන්නේ. වාහ­න­වල එමි­ෂන් පරික්ෂා කිරීම වෙනු­වෙන් යන්ත්‍ර­ණ­යක් සකස් කරන ලෙසට තීන්දුව ලබා දී තිබෙන්නේ පංච පුද්ගල විනි­සුරු මඬු­ල්ලක් විසින්. හුදු පන­ත­කින් පම­ණක් තිබෙන දෙයක් නෙවෙයි. මේ සමඟ බැඳුණු ගැටලු ගණ­නා­වක් තිබෙ­නවා. ඇල්ලෙදී අන­තු­රට පත්වූ බස්ර­ථය ගත්තත් එය මිල දී ගැනී­මට ලක්ෂ 55ක් විය­දම් කර තිබෙ­නවා. සැර­සි­ලි­ව­ලට ඊටත් වඩා විශාල මුද­ලක් වැය­කර තිබෙ­නවා. ඒ වගේම රිය­දුරු පැය 30ක් විතර ධාව­නයේ යෙදී තිබෙ­නවා. ඒ වගේම කඳු­කර ප්‍රදේ­ශ­වල මාර්ග වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 1000ක් වෙන් කර තිබෙ­නවා. මේ අන­තුර නිසා වෙන් කළා නෙවෙයි. කලින් වෙන් කරන ලද මුද­ලක්. වංගු­වල අවශ්‍ය කට­යුතු වෙනු­වෙන්, ඒ වගේම කඳු­කර ප්‍රදේ­ශ­වල තවත් අලුත් වැඩක් පටන් ගත්තා. තවත් ටිකක් පරි­ස්ස­මෙන් කියලා. නමුත් ඔබ­තුමා දන්නවා, මේක සංස්කෘ­ති­යක් බවට පත්විය යුතුයි. රියැ­දු­රන්, මගීන් මෙන්ම පදි­ක­යන් යන තුන්ගො­ල්ලම එක­තුව.

ඒ වගේම මෑත­කදී අධි­ක­රණ තීන්දු­වක් දුන්නා, සිය­ලුම දුම්රිය ස්ථාන විශේෂ අව­ශ්‍යතා ඇති පුද්ග­ල­යන්ට ප්‍රවේශ විය හැකි ස්ථාන බවට පත්ක­රන ලෙස. මේ සම්බ­න්ධ­යෙන් අපගේ ප්‍රති­ප­ත්තිය අපි අධි­ක­ර­ණ­යට දන්වා තිබෙ­නවා. ඒ අනුව, විශේෂ අව­ශ්‍යතා ඇති පුද්ග­ල­යන්ට දුම්රිය ස්ථාන සහ පොදු ස්ථාන­ව­ලට ගමන් කිරී­මට හැකි පරිදි අපි කට­යුතු කර තිබෙ­නවා. දුම්රිය ස්ථාන­වල හා පොදු ස්ථාන­ව­ලදී ආබා­ධිත අයට පහ­සු­වෙන් ප්‍රවේශ විය හැකි ස්ථාන ලෙසට.

තවද, වාහන විමෝ­චන පරී­ක්ෂ­ණ­ව­ලදී, රජයේ වාහන පෞද්ග­ලික වාහ­න­ව­ලින් වෙන් වෙන්ව ගණන් නොගන්නා අතර, සාමා­න්‍ය­යෙන් වාහන සංඛ්‍යාව පම­ණක් සඳ­හන් වේ. 2024දී හමුදා වාහන 4565ක් විමෝ­ච­නය සඳහා පරීක්ෂා කර ඇත.”

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *