Latestදේශීය

නිශාන්ත උළුගේතැන්න තවදුරටත් රිමාන්ඩ්

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු ලබන මස 8 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොල්ගහවෙල මහේස්ත්‍රාත් උදුම්බරා දසනායක ඊයේ (24) නියෝග කර තිබේ.

අලව්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව හිටපු බුද්ධි ප්‍රධානි රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් මොහොට්ටි ඇතුළු තවත් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින සැකකරුවන් සහ බන්ධනාගාර ගතව සිටින 10 වැනි සැකකරු අධිකරණයට ඉදිරිපත් තිබේ. එසේම, හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න සහ හිටපු නාවික හමුදා බුද්ධි ප්‍රධානි සරත් මොහොට්ටි යන අය උඩුදුම්බර බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට සම්බන්ධ වි ඇත.

මහේස්ත්‍රාත් නිල මැදිරියේදී නඩුව කැඳවූ අතර, ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විත්තියේ නීතිඥයන් සහ වින්දිතයාගේ නීතිඥවරිය කරුණු ඉදිරිපත් කර තිබේ. මෙම කරුණු සලකා බැලීමෙන් පසු, මහේස්ත්‍රාත්වරිය නඩුව ඔක්තෝබර් 8 වැනිදා නැවත කැඳවීමට නියෝග කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *