ඉරානය කිසිවිටෙක න්‍යෂ්ටික අවි නිපදවන්නේ නැහැ – ඉරාන ජනපති
ඉරානය කිසි අවස්ථාවක න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීමට උත්සාහ නොකරන බවත්, මීන් පෙර ද කිසිදු අවස්ථාවක එවැනි උත්සාහයක නිරත නොවූ බවත් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ එරට න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ සම්බාධක පැනැවීමේ කාලසීමාව මේ මස 27 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇති පසුබිමකදී බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී ක්‍රියාවලියක් බවත්, කිසිදිනෙක ඉරානය එවැනි අවියක් නිෂ්පාදනය නොකරන බවත් ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇති අතර, දින 12ක යුද්ධයේදී ඊශ්‍රායලය සහ අමෙරිකාව සිදු කළ ප්‍රහාරමාලාව හෙළා දකින බව ද සඳහන් කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

