Latestදේශීය

සීනිමෝදර සිද්ධියට අදාල අවුරුදු 16 සැකකරු රඳවා ප්‍රශ්ණ කරන්න අවසර

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සොයාගත් නිවසේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ පුත්‍රයෙකු රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.

ඒ 16 හැවිරිදි එම පුත්‍රයා අද (26) දිනයේ තංගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඒ අනුව සැකකරු ලබන මස 01 වැනි දින දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා, අදාළ නිවසේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය සහිත ලොරිවල හිමිකරුවන් ඇතුළු සැකකරුන් 06 දෙනෙකු මීට පෙර පොලීසිය විසින් අත්අඩංගුවයට ගනු ලැබීය.

ඒ අනුව ඉන් එක් පුත්‍රයෙකු සහ ලොරි රථවල හිමිකරුවන් පසුගිය 24 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී එම පිරිස ලබන 29 වැනි දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් පොලීසිය අවසර ලබා දී තිබුණි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *