Latestවිදේශීය

නෙතන්යාහුට දැඩි විරෝධය – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් රටවල් ගණනාවක් නැගිට යයි

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම සඳහා සූදානම් වීමේ දී නියෝජිත පිරිසක් විරෝධය පළ කරමින් ශාලාවෙන් ඉවත්ව ගොස් ඇත.

පලස්තීන ගැටලුව සම්බන්ධයෙන් ඊශ්‍රායලය අනුගමනය කරන ස්ථාවරයට එරෙහිව සිය විරෝධය දැක්වීමක් ලෙස මෙම නියෝජිත පිරිස ඉවත්ව යාම එහිදී සිදු වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල නායකයා කතා කරන විට, තේරුම්ගත නොහැකි කෑගැසීම් ශාලාව පුරා දෝංකාර දුන් බවද සදහන් වේ.

නෙතන්යාහු කතා කරන විට අනෙකුත් ඇතැම් දෙනා අත්පොළසන් නාද දුන් බවද වාර්තා වේ. හමාස් සංවිධානයට එරෙහි ව්‍යාපාරයට නෙතන්යාහුට සහාය දුන් එක්සත් ජනපද නියෝජිත කණ්ඩායම නතරව සිටි බවද වාර්තාවේ.

පලස්තීන රාජ්‍යයක් පිළිගැනීම “හුදෙක් පිස්සුවක්, එය පිස්සුවක් සහ අපි එය නොකරමු” යනුවෙන් ඔහු ප්‍රකාශ කළ අතර, තවත් රටවල් කිහිපයක් විසින් පිළිගැනීම “නින්දා සහගත” බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මෙහිදී පැවසීය.

කෙසේ නමුත් රටවල් ගණනාවක් පලස්තීන රාජ්‍යයක් පිළිගෙන ඇති අතර, ජාත්‍යන්තර පිළිගැනීම සඳහා වන ඉල්ලීමට දැන් රටවල් 145 කට වැඩි ප්‍රමාණයක් එක්වී තිබේ.

ගාසා යුද්ධයේදී ඊශ්‍රායලයේ හැසිරීම සම්බන්ධයෙන් කෝපය මධ්‍යයේ ජාත්‍යන්තර හුදකලාව ගැඹුරු කරන පියවරක් ලෙස, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ පෘතුගාලය මෙන්ම ඉරිදා පිළිගැනීම ප්‍රකාශයට පත් කළ එක්සත් රාජධානිය සමඟ ද ඔවුන් එක්විය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *