Latestදේශීය

පද්මේගෙ තවත් ආයුධ තොගයක් සොයාගනී

පාතාල කල්ලි සාමාජික `කෙහෙල්බද්දර පද්මේ’ විසින් සඟවා තිබී ඇති තවත් අවි ආයධ තොගයක් පිළිබද අනාවරණය වීමෙන් පසු පෑලියගොඩ මාළු වෙළෙඳසැළ අසළ කසළ ගොඩකින් හමු වී තිබේ.

ඒ අනුව මෙහිදී ටී-56 උන්ඩ 520ක් ආසන්න ප්‍රමාණයක්, මැගසින් 04ක්, මයික්‍රෝ පිස්තෝලයක්, මාංචු යුවලක්, යුධහමුදා නිල ඇඳුමක්, රිවෝලරයක් සොයා ගැනීමට පොලීසියට හැකිව ඇත.

මෙම තොරතුරු කෙහෙල්බද්දර පද්මේ විසින් අනාවරණය කර ඇත්තේ, බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය විසින් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදීවලදීය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුලු පාතාල කල්ලි සාමාජිකයන් කිහිප දෙනෙකු පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වු අතර ඔවුන් මේ වනවිට මෙරටට රැගෙන විත් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *