Latestදේශීය

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සැගවූ ආරක්ෂක ප්‍රධානියෙක් පිළිබද විමර්ශන අරඹයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට බාධා වන අයුරින් තීරණාත්මක සාක්ෂි කිහිපයක් සැඟවූ බව අනාවරණය වී ඇති ආරක්ෂක අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ප්‍රහාරයේ සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දීර්ඝ විමර්ශනයක් සිදු කරමින් සිටින අතර, එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ ආරක්ෂක අංශ ප්‍රධානියා මෙසේ සාක්ෂි සැඟවී­මට කටයුතු කිරීම මෙන්ම තමන් යටතේ සිටි නිලධාරීන්ට සාක්ෂි වෙනස් කිරීමට සහය දීමද සිදු කර ඇති බවයි.

මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අදාළ ආරක්ෂක අංශ ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමි­තය. 2019 අප්‍රේල් 21 වැනිදා සිදු කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගල­යන් 300කට අධික පිරිසකගේ ජීවිත අහිමි විය.

මේ පිළිබද අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කළ අතර, පසුගිය කාලයේදී එම විමර්ශන අඩාළ කිරීම පිළිබද චෝදනා රැසක් එල්ල විය.

2019 නොවැම්බර් මාසයේදී මේ පිළිබඳ විමර්ශන කළ විශාල පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට වෙනත් රාජකාරි සදහා රට පුරා පොලිස් ස්ථානවලට අනුයුක්ත කරනු ලැබූහ.

ඉන් පසු එම විමර්ශන භාර ව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර අත්අඩංගුට ගන්නා ලද අතර, මේ වනවිට යළිත් අදාළ විමර්ශන භාරව සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානි අබේසේකර ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *