අර්චුනා රාමනාදන් අත්අඩංගුවට ගෙන ඇප දෙයි
පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (29) පෙරවරුවේ ප්රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දී ඒ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පසුගියදා කොළඹ පැවැති සත්යග්රහයක් අතරතුර එහි පැමිණී මන්ත්රීවරයා පසුව කොටුව පොලීසියේ පොලිස් නිලධාරියෙකුට බැණ වැදුණු අයුරු දක්නට ලැබුණි.
එම සිදුවීම සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාළව මන්ත්රීවරයා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී අද පෙරවරුවේ කොටුව පොලිසියට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතා පසුව ඇප මත මුදාහැර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

