Latestවිදේශීය

ඇමරිකාවේ දේවස්ථානයකට ප්‍රහාරයක් – 04 දෙනෙක් මියයයි

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ දේවස්ථානයකට මෝටර් රථයක් පදවාගෙන ගොස් වෙඩි තබා ගොඩනැගිල්ලට ගිනි තැබීමේ සිද්ධියකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී සිය ගණනක් එම දේවස්ථානය තුළ රැඳී සිට ඇති බවද වාර්තා වේ.

මේ වන විට දේවස්ථානයේ ගින්න පාලනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ව ඇත.

සැකකරු හා පොලිසිය අතර සිදු වූ වෙඩි හුවමාරුවකදී අදාල සැකකරු මියගොස් තිබේ. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 40 හැවිරිදි තෝමස් ජේකබ් සැන්ෆර්ඩ් නමැති ඔහු මිචිගන් ප්‍රාන්තයේ බර්ටන් නගරයේ පදිංචිකරුවෙකු බවයි.

එම සැකකරු මැරීන් බලකායේ ප්‍රවීණයෙකු ලෙස හෙළිව ඇත.

සැකකරු දේවස්ථානයේ ඉදිරිපස දොරටුවෙන් ඇතුළු වී රයිෆලයක් භාවිතා කරමින් අදාල වෙඩි තැබීම සිදු කර තිබේ.

කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

අමෙරිකාවේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් එම ප්‍රහාරය කිතුනුවන්ට එරෙහි සිදු වූ තවත් ඉලක්කගත ප්‍රහාරයක් ලෙසයි හඳුන්වා ඇත.

මිචිගන් දේවස්ථානයේ වෙඩි තැබීමෙන් පසු නගරය පුරා ආගමික ස්ථාන සඳහා ආරක්ෂාව වැඩි කිරීමට නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *