Latestදේශීය

ලුනු ආනයනය කිරීමට අවශ්‍ය නැහැ

ශ්‍රී ලංකාවට තවදුරටත් ලුණු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ජාතික ඉල්ලුම සපුරාලීමට දේශීය නිෂ්පාදන ප්‍රමාණවත් බවත් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ අලෙවි කළමනාකරු හර්ෂ අබේසූරිය ප්‍රකාශ කර තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ මහ කන්නයේදී මේ වනවිටත් මෙට්‍රික් ටොන් 40,000ක් පමණ අස්වැන්න නෙළාගෙන ඇති බවත් වැසි සමයෙන් පසුව තවත් තොග අපේක්ෂා කරන බවත්ය.

අනාගත ඉල්ලුමක් සපුරාලීම සඳහා ප්‍රමාණවත් අතිරේක තොගද මේ වනවිට ලංකා ලුණු සමාගම ගබඩා කර තිබෙන බව ඔහු ලංකා ලුණු සමාගමේ අලෙවි කළමනාකරු හර්ෂ අබේසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *