Latestදේශීය

අමල් සිල්වා අත්අඩංගුවට

නීති විරෝ­ධීව මෙර­ටට වාහන ආන­ය­නය කර කූට ලේඛන මඟින් මෝටර් රථ දෙපා­ර්ත­මේ­න්තුවේ ලියා­ප­දිංචි කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් සැක­පිට දෙහි­වල ගල්කිස්ස මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ මන්ත්‍රී­ව­ර­යෙක් වන අමල් සිල්වා පාණ­දුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය මඟින් ඊයේ (28) අත්අ­ඩං­ගු­වට ගනු ලැබ තිබේ. මේ සම්බ­න්ධ­යෙන් දීර්ඝ ලෙස කළ විම­ර්ශ­න­ය­කින් පසු මොහු අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, අමල් සිල්වා මහතා බස්නා­හිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී­ව­ර­යෙක් ද වෙයි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ ස්ථානා­ධි­පති, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඉන්දික වීර­සිංහ මහ­තාට ලද තොර­තු­ර­කට අනුව පසු­ගිය වසරේ දෙසැ­ම්බර් මස 31 වැනි­දාත්, මේ වසරේ ජන­වාරි මස 01 වැනි­දාත් කළ වැට­ලී­ම්ව­ලින් අමල් සිල්වා භාරයේ තිබී රුපි­යල් කෝටි 06කට අධික වටි­නා­ක­මක් ඇති ලෑන්ඩ් රෝවර් සහ මිට්සු­බිෂී වර්ගයේ ජීප් රථ 03ක් සොයා ගන්නා ලදි.

ඒ එක් ජීප් රථ­යක් විදේශ රට­වල යුද හමු­දාව භාවිත කරන වර්ගයේ එකක් බවත්, එම රථය රුපි­යල් කෝටි 02ක් පමණ වටිනා බවත් අනා­ව­ර­ණය වූ බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය සඳ­හන් කළේය. සෙසු වාහන දෙක රුපි­යල් කෝටි 04ක් පමණ වටිනා ජීප් රථ දෙකක් බව ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය පව­සයි.

රාජ්‍ය ආය­ත­න­වල ගර්භිත කරන ලද වාහ­න­වල ලියා­ප­දිංචි අංක යටතේ කූට ලේඛන සකස් කර මේ වාහ­න­ව­ලට එම අංක යොදා භාවිත කරන බව මේ රථ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කිරී­මේදී අනා­ව­ර­ණය වූ බව ද මධ්‍යම දූෂණ මර්දන බළ­කාය සඳ­හන් කරයි.

විදේශ හමු­දාව භාවිත කරන වර්ගයේ ලෑන්ඩ්රෝ­වර් ජීප් රථය ශ්‍රී ලංකා යුද හමු­දාව විසින් භාවිත කරන රථ­යක් බවට ව්‍යාජ ලෙස හඟ­ව­මින් භාවිත කර ඇති බවත්, මේ රථය ශ්‍රී ලංකා රේගුව හරහා මෙර­ටට නීත්‍ය­නු­කූ­ලව ආන­ය­නය කර නොමැති රථ­යක් බවත් රේගුව විසින් තහ­වුරු කර ඇති බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය පැව­සීය.

එවන් ජීප් රථ­යක් සමාජ සේවා දෙපා­ර්ත­මේ­න්තුව දකුණු පළාත නමින් ලියා­ප­දිංචි කර තිබී ඇත. ඒ සම්බ­න්ධ­යෙන් කළ විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී ඇත්තේ, එම රථයේ ලියා­ප­දිං­චිය කල­කට පෙර අව­ලංගු කර හික්ක­ඩුව සහ­තික කළ මෝටර් කාර්මික පාසලේ දරු­වන්ගේ අධ්‍යා­පන කට­යුතු සඳහා භාර දී ඇති බවට අනා­ව­ර­ණය වී ඇත.

මෙහි ඇති තවත් එක් වාහ­න­යක් මෝටර් රථ පරී­ක්ෂක මඟින් පරීක්ෂා කිරී­මේදී අනා­ව­ර­ණය වී ඇත්තේ එය මාර්ගයේ ධාව­න­යට පවා නුසු­දුසු එකක් බව යැයි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය සඳ­හන් කරයි.

මෝටර් රථ දෙපා­ර්ත­මේ­න්තුවේ දත්ත පවා ඉතා සූක්ෂ්ම ලෙස වෙනස් කර­මින් මේ ජාවා­රම සිදු කර­ගෙන ගොස් ඇතැයි විම­ර්ශ­න­යේදී පෙනී ගොස් ඇති බැවින් ඒ සම්බ­න්ධ­යෙන් ද කරුණු සොයා බලන බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය සඳ­හන් කළේය.

සැක­කාර අමල් සිල්වා අද (29) පාන­දුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

පොලි­ස්පති, නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහ­තාගේ ඍජු අධී­ක්ෂ­ණය යටතේ ඇති විශේෂ පොලිස් ඒක­ක­යක් වන මෙහි අධ්‍යක්ෂ පොලිස් අධි­කාරී කේ. ඒ. උදය කුමාර මහ­තාගේ මඟ­පෙ­න්වී­මෙන්, ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඉන්දික වීර­සිංහ මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන්, පොලිස් පරී­ක්ෂක ටී. ඩී. එන්. එස්. සඳ­රු­වන් සහ පොලිස් සැර­යන් ජය­ලාල් (428) නිල­ධා­රීන් විසින් මේ අත්අ­ඩං­ගු­වට ගැනීම සහ විම­ර්ශන කට­යුතු සිදු කරන ලදි.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *