ලොව උසම පාලම චීනයේ
එතෙක් මෙතෙක් ලොව ඉදි කළ උසම පාලම ඊයේ දකුණුදිග චීනයේ ගුයිෂූ ප්‍රාන්තයේදී ගමනාගමනය සඳහා විවෘත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රාන්තයේ බෙයිපෑන් ගංගාව හරහා මීටර් 1420ක දිගින් යුතුව ඉදි කර ඇති හුවාජියැං කැන්යොන් නමැති එම පාලම උසින් මිටර් 625ක් වන අතර, ඉදිකිරිම් සඳහා වසර 3ක කාලයක් ගතවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
මීට පෙර ලොව උසම පාලම ලෙස වාර්තාපොතට ඇතුළත්වී ඇත්තේ ද මීට වසර 9කට පෙර එම ගංගාව හරහා මීටර් 565ක උසකින් යුතුව ඉදි කළ බෙයිපංජියැන් පාලම බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කඳුකර මාර්ග ඔස්සේ ගුයිෂු ප්‍රාන්තය හරහා ගමන් කිරීමට මීට පෙර ජනතාවට වැය වූ පැය දෙකක කාලසීමාව හුවාජියැං පාලම විවෘත කිරීමෙන් පසු මිනිත්තු දෙකක් දක්වා අවම වූ බව ද වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

