ඊශ්‍රායල පාපන්දු තහනම් කරන්න
ගාසා තීරයේ සිදු කරන පලස්තීනුවන්ට එරෙහි යුද අපරාධ හේතුවෙන් ඊශ්‍රායලයේ ජාතික පාපන්දු කණ්ඩායමට සහ එරට සියලුම ක්‍රීඩා සමාජවලට ජාත්‍යන්තර තහනමක් පනවන ලෙස ලොව පුරා රටවල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50කට ආසන්න පිරිසකගේ අත්සනින් යුතුව ලෝක පාපන්දු සම්මේලනයට සහ යුරෝපා පාපන්දු සංගම් සම්මේලනයට පෙත්සමක් ඉදිරිපත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රංශයේ සුපිරි පාපන්දු ක්‍රීඩක පෝල් පොග්බා සහ මොරොක්කෝවේ පාපන්දු තරුව හකීම් සියෙක් ඇතුළු ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩකයන් රැසක් එම පෙත්සමට අත්සන් තබා ඇතැයි ද වාර්තා වේ.
සාමය සඳහා ක්‍රීඩකයන් නමැති සන්ධානය මගින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, ඊට පාපන්දු ක්‍රීඩකයන්ට අමතරව බ්‍රිතාන්‍ය බොක්සිං ක්‍රීඩක සැක් ෂියාලි සහ ඔහුගේ පුහුණුකරු නයිජල් පියර්සන් ද ඊට අත්සන් තබා ඇති අතර, එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මුයින් අලි සහ අජාස් පටේල් ද, රග්බි සහ තවත් ක්‍රීඩා ක්ෂේත්‍ර රැසකට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද අත්සන් තැබූ පිරිස අතර සිටින බව වාර්තා වේ. යුක්රේනය ආක්‍රමණය කළ බවට චෝදනා කරමින් රුසියාවට ක්‍රීඩා සම්බාධක පැනවූ ආකාරයෙන් ගාසා තීරයේ සිදු කරන යුද මෙහෙයුම් හේතුවෙන් ඊශ්‍රායලයට ද එම සම්බාධක පනවන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
@දිනමිණ