මගේ අභිමතය පරිදි විමර්ශන කරන්න මට බැහැ – රංග දිසානායක
තමා අල්ලස් හෝ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති වූ පමණින් තමන්ට අවශ්‍ය අවශ්‍ය ආකාරයට විමර්ශන සිදු කිරීමට හෝ විමර්ශන නොකර සිටීමට හැකියාවක් නැතැයි එහි අධ්යක්ෂ ජෙනරාල් මහාධිකරණ විණිසුරු රංග දිසානායක අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ මාධ්‍ය හමුවක් අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අල්ලස් හෝ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් මහාධිකරණ විණිසුරු රංග දිසානායක සඳහන් කෙළේ අල්ලස් කොමිෂන් සභාව රජයේ ආයතනයක් නොවන බවත්, එය කිසිදු අමාත්‍යාංශයක් යටතේ හෝ ඇමතිවරයෙක් යටතේ පවතින එකක් නොවන බවත්ය.
බොහෝ දෙනා චෝදනා එල්ල කරන්නේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ලෙස තමා විමර්ශන සිදු නොකරන බවට යැයිද ඔහු පවසා සිටියේය.
එහෙත් පනතේ සඳහන් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කළ යුතු බව යැයි ද, එලෙස නොමැතිව පරීක්ෂණ ආරම්භ කළ නොහැකි බවද ඔහු සඳහන් කර සිටී.
@Lanka Truth