කජ්ජා බව තහවුරුයි
රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජීප් රථයේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා ගමන් කළ බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව තහවුරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසර 13ක් පුරා විමර්ශන සිදු කෙරේ.
කෙසේ වෙතත් තවමත් එම ඝාතනය සිදුකළ පුද්ගලයා නිශ්චිතව හඳුනාගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවී නොමැත.
එවන් පසුබිමක තාජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපසින් ගමන් ගන්නා ජීප් රථයේ මිද්දෙණියේදී ඝාතනය වූ අනුර විදානගමගේ නැමැත්තා සිටි බවට ඔහුගේ බිරිඳ පසුගිය දා විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශයක් ලබාදී තිබුණි.
ඒ ඊට අදාළ සීසීටීවී දර්ශන පෙන්වා සිදුකළ ප්‍රශ්න කිරීමේදීය.
ඒ අනුව විමර්ශන නිලධාරීන් මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව අදාළ රූපරාමුවල සිටින පුද්ගලයා කජ්ජා නැමැත්තා බවට තහවුරු වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා විමර්ශන සිදු කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

