Latestදේශීයවිශේෂාංගසංස්කෘතික

“අහස තරම් ජීවිතයට” චාරිකාවේ සබරගමු සම්ප්‍රාප්තිය හෙට

(විශ්ව ප්‍රභාත් රශ්මික)

පෙරඹර සංස්කෘතික අවකාශයේ අහස පුස්තකාල ජාලය මගින් සංවිධානය කරන කරන “අහස තරම් ජීවිතයට” නව යොවුන් කඳවුර සහ ප්‍රදර්ශන චාරිකාවේ සබරගමු සම්ප්‍රාප්තිය හෙට(05) දවස පුරා කෑගල්ල, වරකාපොල, මායින්නොළුව ජාතික පාසලේ දී අපූර්වත්වයෙන් යුත් අත්දැකීමක් ලෙසින්  සමාජගත වීමට නියමිතයි.

විදුහල්පතිතුමිය ඇතුළු සමස්ත ගුරු මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණයෙන් මෙන්ම මගපෙන්වීමෙන් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් මෙම ප්‍රදර්ශනය සහ වැඩමුළුව සාර්ථකත්වය වෙනුවෙන් මුළිකත්වය ගෙන කටයුතු කරනු ලබයි.

ලෝකයක් අපූර්වත්වයට ඔසවා ලූ දැවැන්තයින්ගේ පුනරාගමනයට අරුත් එක්කරමින් විශ්ව සාහිත්‍යධරයින්ගේ ජීවිත රැගත් “අහස තරම් ජීවිතයට” ප්‍රදර්ශනය පෙ.ව. 8.00 සිට සවස 5.00 දක්වා පාසලේ සියලුම සිසු සිසුවියන් සදහා විවෘතව පවතී.

වයස අවුරුදු 13 සිට 19 දක්වා සිසු සිසුවියන් සදහා “කුණාටු තරණය සහ නව යොවුන් පෞරුෂය” යන මැයින්  නව යෞවන වැඩමුළුව දවස පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ශ්‍රීපාලි පට්ටිකාර මහත්මිය විසින් මෙහෙයවන සංගීත චිකිත්සාව සමගින් කණ්ඩායම් ක්‍රියාකාරකම්, සාමූහිකත්වය වර්ධනය කරගැනීම සදහා වන විවිධ වැඩසටහන් මෙන්ම කෙටි චිත්‍රපට නැරඹීම,  ගීත ගායනා, නාට්‍ය වැඩමුළු ඇතුළු විවිධ ප්‍රාසාංගික අත්දැකීම් නව යෞවනයට තිළිණ කරන මෙම වැඩමුළුව සවස 5.00ට නිමාවට පත්වනු ඇති.

අනතුරුව “කළුවර නොවන හැන්දෑව” ගිණිමැලය ප්‍රාසාංගික අත්දැකීම සවස 6.30ට ආරම්භ වීමට නියමිතයි. මෙම ප්‍රාසාංගික හෝරා කිහිපය පාසලේ සිසු සිසුවියන්ගේ විවිධ කලා නිර්මාණයන් තුළින් මෙන්ම පෙරඹර සංස්කෘතික අවකාශයේ සාමූහික කලා සංගමයේ නිර්මාණ තුළින් රසවත් වනු ඇති.

මයින්නොළුව ජාතික පාසලේ  ගුරු මණ්ඩලය සිසු සිසුවියන් මෙන්ම දෙමාපිය ජීවිත අපූර්වත්වයෙන් යුත්  සෞන්දර්යාත්මක අත්දැකීමකින් පුරවාලන්නට “කළුවර නොවන හැන්දෑව” ගිණිමැලය ප්‍රසංගය හරහා ක්‍රියා කරන බව පෙරඹර සංස්කෘතික අවකාශය පවසයි.

දකුණු ආසියානු කලාපීය සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය තන්ත්‍රික සේවා නිලධාරිණි, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංගීත චිකිත්සාව පිළිබඳ සහ සෞන්දර්ය දර්ශනය පිළිබඳ බාහිර කථිකාචාරිනී වත්සලා ශ්‍රීපාලි පට්ටිකාර මහත්මිය මෙම සමස්ත වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් පවතී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *