ජුලම්පිටිය අමරේට මරණ දඩුවම ස්තීරයි
මිනීමැරිමේ චෝදනාවකට වරදකරු වීමෙන් අනතුරුව තංගල්ල මහාධිකරණය විසින් ජූලම්පිටිය අමරේ හෙවත් ජී.ජී. අමරසිරි නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) තහවුරු කළේ ය.
අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජූලම්පිටිය අමරේ සිය නීතීඥයින් මාර්ගයෙන් ඉදිරිපත් කළ ඇපෑලක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට ජූලම්පිටිය අමරේ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබී ය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වරදකරු කෙරුණු ජූලම්පිටියේ අමරේ නමැත්තාට 2019 වසරේ තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

