ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි
ප්‍රංශයේ නව අගමැතිවරයා ලෙස මීට දින 26කට පෙර පත්වූ සෙබස්තියන් ලෙකොර්නු සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ තත්ත්වය මත එරට නැවත දේශපාලන අර්බුදයකට මුහුණ පා ඇතැයි ද වාර්තා වේ. හිටපු ආරක්ෂක ඇමැතිවරයා ද වන සෙබස්තියන් වසර 2ක් ඇතුළත පත්වූ පස්වැනි ප්‍රංශ අගමැතිවරයා වන අතර, ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් පිළිගත් බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
39 හැවිරිදි සෙබස්තියන් ප්‍රංශයේ නව අගමැතිවරයා ලෙස සැප්තැම්බර් මස 9 වැනිදා පත්වී ඇත්තේ හිටපු අගමැති ෆ්‍රැන්ෂුවා බේරෝයි එරට පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්වීම හේතුවෙන් බව ද වාර්තා වේ. නව අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයට හිටපු අගමැති ෆ්රැන්ෂුවාගේ රජයේ ඇමැතිවරු කිහිපදෙනකු ඇතුළත් වීමෙන් පසුගිය දිනවල ඔහු දැඩි විවේචනයට ලක්වී සිටි බව ද වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

