Latestදේශීය

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය සැලකිය යුතු ලෙස ඉහළට – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුව පවසයි.

මේ අනුව දරිද්‍රතා අනුපාතය 2024 දී සියයට 24.9 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම ජනයා දරිද්‍රතාවයට වැටීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවත් , ජනගහනයෙන් තවත් සියයට 10 ක් ජීවත් වන්නේ දරිද්‍රතා රේඛාවට ඉතා ආසන්නව බව ද එහි සදහන් වේ.

ආහාර මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම සැලකිය යුතු බෙදාහැරීමේ අභියෝග මතු කරන අතර ,  අඩු ආදායම්ලාභී පවුල් ධනවත් පවුල්වලට වඩා ඔවුන්ගේ වියදම්වලින් තුන් ගුණයක් පමණ ආහාර සඳහා වෙන් කිරීම සහ ආහාර අනාරක්ෂිත භාවය තවමත් ඉහළ මට්ටමක පැවතීම මෙයට හේතුව අව ද ලෝක බැකුව ඊයේ ඉකුත් කළ වාර්තාවේ දැක්වේ.

මේ අතර දරිද්‍රතා අනුපාතය 2024 දී පැවති සියයට 24.9 සිට මේ වසරේ (2025 ) සියයට 22.4 දක්වා අඩු වනු ඇතැයි ද පුරෝකථනය කර ඇත.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *