Latestදේශීය

වාහන අංක තහඩු ගැටලුව විසදන්නේ කෙසේද?

නව වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ සිදුව ඇති ප්‍රමාදය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදුකළේය.

ඒ අනුව, 2025 සැප්තැම්බර් 30 දින වන විට වාහන අංක තහඩු 165,512 ක ප්‍රමාණයක් ලබාදී නොමැති බව අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

ලබාදීමට නියමිත නව වාහන අංක තහඩුවල විශේෂ ආරක්ෂිත ලක්ෂණ 07 ක් අඩංගු වන බවත්, මොරටුව විශ්ව විද්‍යාලයට එයින් 06 ක් පරීක්ෂා කළ හැකි බවට දැනුම් දී ඇති බවත්, හත්වැන්න පිළිබඳව පරීක්ෂා කිරීම ජාත්‍යන්තර වශයෙන් සිදු කළ යුතුව ඇති බවත්, ඒ හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදුව ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

නව රියදුරු බලපත්‍ර ලබාදීම පිළිබඳ මතුවී ඇති ගැටලුව ද එළැඹෙන 18 වැනිදා වන විට විසඳන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *