Latestදේශීය

බැකෝ සමන්ගේ බිරිදට ඇප නැහැ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණ

ඇයට සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13ක් ද තහනම් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09දා) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය’ග’

තහනම් කර තිබෙන බැංකු ගිණුම් අතර මෙම සැකකාරියගේ බැංකු ගිණුම් පහක් පවතින බවත් පොලීසිය පැවසීය.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.

ඉන් අනතුරුව අදාළ සැකකාරිය ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටනියම කෙරිණ.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *