Latestවිදේශීය

පිලිපීනයට ප්‍රභල භූ කම්පනයක්

පිලිපීනයට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (10) පෙරවරුවේ ඇතිව තිබේ.

ඒ හේතුවෙන් පිලිපීනයට මෙන්ම අසල්වැසි ඉන්දුනීසියාවටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

පිලිපීනයේ මින්ඩනාඕ කලාපයේ මෙම භූමිකම්පාව ඇති වූ බව එරට භූ කම්පන විද්‍යා ඒජන්සිය පැවසීය.

මේ හේතුවෙන් පිලිපීනයේ සමහර ප්‍රදේශවල සුනාමි රළ සාමාන්‍ය වඩදිය මට්ටමට වඩා මීටර් 3 (අඩි 10) දක්වා ඉහළ යා හැකි බව වාර්තා වේ.

පළමු සුනාමි රළ පිලිපීන වේලාවෙන් රාත්‍රී 11:43ට පෙර පැමිණිය හැකි බවත්, පැය ගණනක් එය පැවතිය හැකි බවත් පිලිපීන බලධාරීන් පවසයි.

මේ අතර ඉන්දුනීසියාවේ සහ පලාවු ප්‍රදේශවල මුහුදු රළ ද මීටර් 1 ක් දක්වා ඉහළ යා හැකි බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *