Latestවිදේශීය

චීනයෙන් ඇමරිකාවට 100%ක බද්දක්

චීනයෙන් ඇමෙරිකාවට සිදුකරන අපනයන සඳහා ලබන පළමුවනදා සිට 100%ක අතිරේක තීරුබදු පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  තීරණය කර තිබෙයි.

සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබන ඇමෙරිකා ජනාධිපතිවරයා පවසන්නේ  තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය ඛණිජ වර්ග සඳහා චීනය දැඩි අපනයන පාලනයක් පැනවීම හේතුවෙන් තමන් මෙසේ තීරු බදු පැනවීමට තීරණය කළ බවයි.

තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය වන ඛණිජ වර්ග  7ක් සඳහා චීනය පසුගිය අප්‍රේල් මාසයේදී අපනයන සීමා පනවා තිබෙයි.

එම ඛණිජ වර්ග 7ට අමතරව තවත් ඛණිජ වර්ග 5ක් සඳහා අපනයන සීමා දැඩි කරන බවයි චීනය පසුගියදා නිවේදනය කළේය.

චීනයේ නව තීරණයට අනුව එරටින් ආනයනය කරන භාණ්ඩ සඳහා දැනට පනවා ඇති තීරුබදුවලට අමතරව තවත් 100%ක අතිරේක තීරුබද්දක් පනවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *