මතුගමින් උන්ඩ මතුවෙයි
මතුගම, සිරිකදුර, නාගහවල ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල තිබී ජීව පතොරම් තොගයක් සොයාගෙන තිබේ.
පොලිසියට අනුව, සොයාගත් භාණ්ඩ අතර එම්පීඑම්ජී උණ්ඩ පනහක්, ටී-56 උණ්ඩ හයක්, ෂොට්ගන් උණ්ඩ දෙකක්, 38 වර්ගයේ උණ්ඩ හයක් සහ මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ දොළහක් ඇතුළත් වේ.
පතොරම් තොගය එම ස්ථානයේ දමාගිය සැකකරුවන් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.
@දිවයින
Please follow and like us: