මහින්ද මෛත්‍රී වෙඩි නොවදින රථ ඉල්ලයි
සිය ආරක්ෂාව සඳහා වාහන නැවත ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන විසින් ඉල්ලීමක් සිදු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම ඉල්ලීම් මහජන ආරක්ෂක අමාත්‍යංශය සමලෝචනය කර අදාළ වාහන ලබා දීමට කටයුතු කරන බවයි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ වාහන ලබා ගැනීම නිසා හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යම් බලපෑමක් සිදු වන්නේ නම් එම වාහන ලබා දීමේ හැකියාවක් පවතින බවයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

