Latestවිදේශීය

හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 07 දෙනෙක් ඊශ්‍රායලයට ලබාදෙයි

මැද පෙරදිග ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරු කිරීමේ ක්‍රියාවලියට අදාළව පළමු ප්‍රාණ ඇපකරුවන් 7දෙනා ඊශ්‍රායලයට ලබාදී තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සම්බන්ධයෙන් මේ වන විටත් ඊශ්‍රායල රජය විසින් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැති බවයි.

හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 20දෙනෙක් සහ මියගිය 28දෙනෙක්ගේ දේහයන් මුදා හැරීමට නියමිත බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඊට ප්‍රතිචාර වශයෙන් පලස්තීන සිරකරුවන් 1,718දෙනෙක් නිදහස් කිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙන බව වාර්තා වෙයි

මීට පෙර අනුමත කර තිබූ සංඛ්‍යාව 1,722ක් වූ නමුත් එය මේ වන විට 1,718ක් දක්වා සංශෝධනය වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *