Latestදේශීය

කළුකඩ වෙළෙන්දන්ට වැඩ වරදී

පාරිභෝගිකයන්ට වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් වෙළෙඳුන් තිදෙනෙකුට රත්නපුර සහ මතුගම මහෙස්ත්‍රාත් අධිකරණ විසින් ඊයේ (13) දඩ මුදල් නියම කර තිබේ. 

කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 295ක් බැගින් අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් කිරිඇල්ල, ඉඩංගොඩ පිහිටි සුපිරි වෙ‍ෙළඳ සැලකට රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 210,000ක දඩයක් නියම කර ඇත.

එමෙන්ම රුපියල් 70ක් ලෙස මිල ලකුණු කරන ලද මිලි ලිටර් 500 පනිය ජල බෝතල් රුපියල් 100කට අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් රත්නපුර, කුඩුගල්වත්ත පිහිටි ආපනශාලාවකට ද රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 100,000ක දඩයක් නියම කර තිබේ.

මේ අතර කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 310 බැගින්  අලෙවිකල බවට වරද පිළිගත් කළුතර මතුගම ප්‍රදේශයේ වෙළෙඳසැලකට මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 100,000 ක දඩයක් නියම කර ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *