Latestදේශීය

තඹුත්තේගම පොලිස් වසමෙන් මතුවූ ජීව උණ්ඩ කාගේද?

තලාව, රත්මල්ගහවැව පාර ප්‍රදේශයේ, මුදුනේගම පාසල අසළ තිබී හිස් උණ්ඩ කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් අද (14) හමුවී ඇත.

අදාළ උණ්ඩ තොගය T-56 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ වන බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව එහි තිබී හිස් උණ්ඩ කොපු 15,000කට ආසන්න සංඛ්‍යාවක් තිබී ඇත.

මුදුනේගම ප්‍රදේශයේ වගුරු බිමක පතොරම් තොගයක් ඇති බවට තඹුත්තේගම පොලිසියට ප්‍රදේශවාසියෙකු විසින් සිදුකළ දැනුම්දීමකට අනුව තඹුත්තේගම පොලිසිය විසින් සිදු කළ සෝදිසියේදී මෙය හමු වී ඇති අතර මෙම හිස් පතොරම් කොපු සහ පතොරම් දිරාපත්ව තිබෙන බැවින් ඒවා වසර කිහිපයකට පෙර අදාළ වගුරු බිමට දමා තිබෙන බව සැක කෙරේ.

කෙසේ නමුත් මෙම හිස් කොපු සහ උණ්ඩ වගුරුබිමට කෙසේ පැමිණියේද යන්න සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය විසින් විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *