පාර්සල් 51ක මත්ද්‍රව්‍ය කිලෝ 839ක්
දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් පාර්සල් 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක් ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
එම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් අඩංගු බව පොලිසිය පවසයි.
මීට අමතරව හෂීස් කිලෝග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක්ද මෙම මත්ද්‍රව්‍ය පාර්සල්වල අඩංගු බව වාර්තා වෙයි.
අදාළ මත්ද්‍රව්‍ය තොගය උනාකූරූවේ ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බවට සැකකෙරෙන බව පැවසේ.
පසුගිය සැප්තැම්බර් මාසයේ මුලදී, යාත්‍රා 03ක් මගින් රට තුළට මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ඒමේ වෑයමක් පිළිබඳ තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට ලැබී තිබී ඇත.
ඒ අනුව පොලිස්පතිගේ ඝෘජු අධික්ෂණය යටතේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය දින 32ක් පුරා දෙවුන්දර සහ තංගල්ල මුහුදු තීරයේ සෝදිසි මෙහෙයුම් සිදුකර තිබේ.
අදාළ යාත්‍රාවල පිරිස් සම්බන්ධ කරගැනීම සමත්ව ඇතත් ඔවුන් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබාදී තිබී නැත.
යාත්‍රා පවතින ස්ථානය හඳුනාගැනීම සඳහා එහි සවිකර තිබූ VMS පද්ධතියද ජාවාරම් කරුවන් විසින් ක්‍රියාවිරහිත කර තිබී ඇත.
මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ලබාගැනුණද අදාළ යාත්‍රා 03 පිළිබඳ තොරතුරුක් ලැබී තිබී නැත.
කෙසේ වෙතත් දිගින් දිගටම සිදු කර ඇති මෙහෙයුම්වල ප්‍රතිපලයක් ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇති අතර තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව වාර්තා වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

