මනූෂට ඇප
ඊශ්‍රායල් රාජ්‍යයට කෘෂිකර්ම ක්‍ෂේත්‍රය සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේදී සිය අමාත්‍ය ධුරය අවභාවිත කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් හිටපු විදේශ රැකියා සහ කම්කරු ඇමැති මනූෂ නානායක්කාර මහතා ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (15දා) නියෝග කළේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ ඊශ්‍රායල් රජය අතර 2023.11.05 දා අත්සන් කරන ලද ගිවිසුම් ප්‍රකාරව කෘෂිකර්ම ක්‍ෂේත්‍රය සඳහා පිටව යෑමට බලාපොරොත්තු වූ ශ්‍රමිකයන් පිරිසකට නීති විරෝධී අලාභයක් සිදුකිරීම හා තවත් පිරිසකට නීති විරෝධී ලෙස වාසියක් සිදුකිරීමෙන් අල්ලස් පනතේ දූෂණය නමැති වරද සිදුකළේ යැයි ඔහුට චෝදනා නගා තිබිණි.
ඊයේ ප්‍රකාශයක් සටහන් කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ හෙතෙම පස්වරු 4.20ට පමණ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවා තිබේ.
අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් තිබෙන බැවින් ඊට පෙර අපේක්‍ෂිත ඇපයක් මත මුදාහරින්නැයි ඉල්ලා සැකකාර නානායක්කාර මහතා ගොනුකර තිබූ ඇප අයැදුම්පත්‍රය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. බෝදරගම මහතා පෙරේදා (14දා) ප්‍රතික්‍ෂේප කර තිබිණි.
රුපියල් ලක්‍ෂයක මුදල් ඇප හා රුපියල් මිලියන 4 බැගින් වූ ඇපකරුවන් 4 දෙනකුගේ ඇප මත මුදා හැරීමට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඔහුට විදේශගතවීම වළක්වමින් නියෝගයක් ද නිකුත් කළේය. ඉදිරි විමර්ශනවලට බාධා සිදු නොකරන ලෙසට සැකකරුට අවවාද කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවලංගු කර රක්‍ෂිත බන්ධනාගාරගත කරන බවට සැකකරුට අවවාද කළේය.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

