දුම්රිය දෙපාර්ථමේන්තුව නිදාසිටින යෝධයෙක් – ප්‍රසන්න ගුණසේකර
දුම්රිය දෙපාර්තමෙන්තුව කියන්නේ නිදාගෙන සිටින යෝධයෙක් යැයි වැඩබලන ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 13 වනදා පෙරවරුවේ මරදාන පිහිටි දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති අධීක්ෂණ කළමණාකාර තුන්වන ශ්‍රේණිය තනතුර සඳහා වෘත්තිකයන් 98 ක් බඳවාගැනීම සඳහා පැවති උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන,
“දුම්රිය දෙපාර්තමේන්තුව අප බලාපොරොත්තුවන තැනට ඉදිරියට ගෙනයාමට අවැසි වැදගත්ම සාධකය තමයි මානව සම්පත. ඉදිරියේදීත් අපි හැකි ඉක්මනින් පුරප්පාඩු සඳහා බඳවාගැනීම් සිදුකරනවා. දේශපාලනයේ තියෙනවා කතාවක්, යම්කිසි දෙයක් ප්‍රමාණාත්මකව වර්ධනය වෙලා, අවසානයේ ගුණාත්මක වෙනසකට භාජනය වෙනවා කියලා. 2024 සැප්තැම්බර් 21 සිදුවුනෙත් ඒ ආකාරයේ පාලනමය වෙනසක්.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රමාණාත්මක වර්ධනය තුළින්, ගුණාත්මක වර්ධනයක් සිදුකළ හැක්කේත්, එහි වෘත්තිකයන්ටම පමණයි. දුම්රිය දෙපාර්තමෙන්තුව කියන්නේ නිදාගෙන සිටින යෝධයෙක් වගේ. මෙය වෙනම ආකාරයේ ආයතනයක්. මේක උඩට ගන්න එක ලේසි නැහැ. නමුත් ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණූ කරන්නනම්, අපි අනිවාර්යයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව ඉහළට ගතයුතුයි.
පාලකයාගේ, සේවකයාගේ මෙන්ම ජනතාවගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් පසුගිය කාලය තුළ දුම්රිය දෙපාර්තමේන්තුව විශාල කඩාවැටීමකට ලක් උනා. අනතුරුව චලනය වන තරංගයක් ආකාරයෙන් වර්ධනය ඉහළ පහළ ගියා. නමුත් අප බලාපොරෙත්තු වන්නේ මෙය සංවර්ධනය අතින් ඉහළම ස්ථානයකට ගෙන යාමටයි. ඒ වෙනුවෙන් කළයුතු සෑම දෙයක්ම අපි මේ වනවිට සිදුකරමින් සිටිනවා. නමුත් ප්‍රතිඵල ලැබෙන්නේ ඉතාමත් හෙමින්.
අද මේ දුම්රිය දෙපාර්තමේන්තුවට අළුතින් එක්වන පිරිසට මම කියන්නේ, ඔබ විශ්‍රාම යන්නේත්, මේ පාලනය යටතේමයි. ඒ ගැන සැකයක් තියාගන්නෙපා. අපි වැඩ කරමු. වැඩකරලා දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩදාමු “යැයි පැවසීය.
මෙම අවස්ථාවට, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී.කේ පෙරේරා, දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය ඇතුළු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
@Lanka Truth