නෙවිල් යලි රිමාන්ඩ්
රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගැනීම සම්බන්දයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ඔක්තෝබර් මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කර තිබේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වා ඉදිරිදින වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත් අල්ලස් කොමිසමට නියෝග කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

