ඉෂාරා සෙව්වන්දිගෙන් තවත් තොරතුරු හෙළිවෙයි
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන ඉෂාරා සෙව්වන්දි පරීක්ෂණ කටයුත්තක් සඳහා පිටතට රැගෙන ගොස් එම දෙපාර්තමේන්තුවට ඊයේ(16) රාත්‍රියේ යළි රැගෙන එන ලදී.
නේපාලයේ සිට මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් 06 දෙනාගෙන් මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරෙමින් පවතින අතර සැකකරුවන් පැය 72ක් රදවා ගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබේ.
ඒ අනුව ඔවුන් ස්ථාන තුනක රදවා ගනිමින් පරික්ෂණ ක්‍රියාත්මක කෙරේ.
ගණේමුල්ල සංජීව නැමැති අපරාධකරු කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදි වෙඩි තබා ඝාතනය කිරිමේ සැලැස්මේ මහමොළකාරිය ලෙස සැලකූ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව ඉෂාරා සෙව්වන්දි නේපාලයේ සිටින බවට පොලිසිය හෙළිකර ගත් අතර ඒ අසඳහා කෙහෙල්බද්දර පද්මේගෙන් කළ ප්‍රශ්න කිරීම් ද මේ සඳහා උපකාරී වී තිබේ.
මේ වනවිට සැකකාර ඉෂාරා සෙව්වන්දි විසින් සඳහන් කර ඇත්තේ ගණේමුල්ල සංජීව නැමැත්තා අධිකරණ භූමියේ දී ඝාතනය කිරීමෙන් පසු දින කිහිපයක් තමන් කොළඹ අවට සැගවී සිටි බවය.
පසුව මතුගම ප්‍රදේශයට ද ඉන් අනතුරුව මිද්දෙණිය ප්‍රදේශයට ද ඇය පලා ගොස් තිබේ.
එහිදි ජේ කේ බායි නැමැත්තා ඇයට හමුවී ඇති අතර ඔහු බෝට්ටුවක ආධාරයෙන් ඇය ඉන්දියාවට රැගෙන යාමට කටයුතු කර ඇති බවයි වාර්තා වේ. ඒ සඳහා රුපියල් ලක්ෂ 65ක මුදලක් වැය කර තිබේ.
අනතුරුව දින 6ක දීර්ඝ දුම්රිය ගමනකින් පසුව ඇයව නේපාලයට රැගෙන ගොස් තිබෙන අතර නේපාලයේ දී ඇයට සැගව සිටිමට අවශ්‍ය පහසුකම් සලසා ඇත්තේ ද ජේ කේ බායි නැමැත්තාය.
කෙසේ වුවද කෙහෙල්බද්දර පද්මේ ඇතුලු අපරාධකල්ලිය ඉන්දුනිසියාවේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉෂාරා සෙව්වන්දිගේ සියලු සැලසුම් ව්‍යර්ථවී ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.
ඉෂාරා සෙව්වන්දිගේ රූපයට සමාන රූපයක් ඇති කාන්තාවකගේ තොරතුරු යෙදු ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් ඇය යුරෝපයට පළා යාමට උත්සහ දරා ඇත.
පාතාල ක්‍රියාකාරකම් මෙන්ම මත්කුඩු ජාවාරම් පිළිබද තොරතුරු රැසක් මෙම අත්අඩංගුවට ගැනීම් හරහා හෙළිකර ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.
දිවයිනට රැගෙන ආ සැකකරුවන් පොලිස් ස්ථාන තුනකට යොමු කර ප්‍රශ්න කිරීම් මේ වන විට සිදුවේ.
ඉෂාරා සෙව්වන්දි / තක්ෂි / ජේ.කේ.බායි හා ජැෆ්නා සුරේෂ් යන අය රඳවාගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසය තුළය.
ගම්පහ බබා නැමැති සැකකරු යොමු කෙරුණේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයටය.කෙහෙල්බද්දර පත්මේ සමග සිදු කළ අපරාධ සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටී.
නුගේගොඩ බබී නැමැත්තා රදවා ඇත්තේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය තුළය.ඔහු මනුෂ්‍ය ඝාතන කිහිපයක් මෙන්ම කෙහෙල්බද්දර පත්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ඉෂාරා සෙව්වන්දි එම දෙපාර්තමේන්තුවෙන් පිටතට ඊයේ(16) රාත්‍රියේ රැගෙන ගොස් ඇති අතර ඒ පරික්ෂණ කටයුත්තක් සදහා බව සඳහන්ය.
ගනේමුල්ල සංජීවගේ ඝාතනයෙන් පසු ඇය සැගවී සිටි ස්ථාන පරික්ෂා කිරීම සදහා මෙසේ රැගෙන ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එම කටයුතු අවසන් වීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි යළි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ රාත්‍රියේම රැගෙනවිත් තිබේ.
@දිනමිණ