Latestදේශීය

“රටම එකට ඉවත්වෙනු”

“රටම එකට ඉවත්වෙනු” ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ආරම්භ කළ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ලෝකයට මෙන්ම අපේ රටට ද ව්‍යසනයක් වී ඇති මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මෙම ජාතික වැඩසටහනට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය ලබාදෙන බවද පොලිස්පතිවරයා කියා සිටී.

“රටම එකට ඉවත්වනු” කියන්නේ මත්ද්‍රව්‍යයෙන් ඉවත්වෙමු කියන එක ගම, පවුල, සහෝදරයෝ, දුවා දරුවෝ සැවෝම මීට දායකත්වය දැක්විය යුතුයි. ඊට රටම පෙළ ගැස්සවීමට අපි කටයුතු කරනවා. ලබන 30දා රට පුරාම මෙය ජාතික වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා.

ගම්වල නගරවල මත්ද්‍රව්‍ය ව්‍යසනය නවතා අනාගත දරුවන්ට යහපත් රටක් සාදා දියයුතුයි. මත්ද්‍රව්‍ය අද විශාල තර්ජනයක් බවට පත්ව තිබෙනවා. මත්ද්‍රව්‍ය ව්‍යාපාර ලෙස කරන පුද්ගලයන් වෙන රස්සාවල් සොයා ගත යුතුයි.

මිනිස්සු වනසන, පීඩාවට ලක් කරන මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරන්න එපා කියලා අපි මේ මොහොතේ පිරිසට කියා සිටින්න කැමැතියි. ඒ නිසා අපි යහපත් පුද්ගලයන් ලෙස සමාජයේ සිටිය යුතුයි. එහි තවත් සුවිශේෂී ආරම්භයක් ලෙස, මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ඇරඹුණු මෙම “රටම එකට ඉවත්වෙනු” වැඩසටහන හඳුන්වා දීමට කැමතියි” යැයිද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *