ටයිටන් සබ්මැරීනයට මොකද වුනේ?
පසුගිය 2023 වසරේදී ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය ටයිටන් සබ්මැරීනය පුපුරා යාමෙන්, ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු සබ්මැරීනයේ සිටි 5 දෙනාම ජීවිතක්ෂයට පත්විය.
සබ්මැරීනය නිපදවීමේදී අනුගමනය කළ කාර්මික ඉංජිනේරුමය ක්‍රියාවලිය ප්‍රමාණවත් නොවන බවත් තාක්ෂණික දුර්වලතා සහ සබ්මැරීනය පරීක්ෂා කිරීමට අසමත්වීම් හේතුවෙන් සබ්මැරීනය පුපුරා ගිය බව නිල වාර්තාවක දැක්වේ.
සබ්මැරීනයේ කාර්මික දෝෂ ඇති වූ අතර එහෙයින් සබ්මැරීනයේ ශක්තිමත්භාවය සහ කල්පැවැත්ම සඳහා වන අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වූ බව ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
ඕෂන්ගේට් සමාගම ටයිටන් සබ්මැරීනය ප්‍රමාණවත් ලෙස පරීක්ෂා නොකළ නිසා එහි සැබෑ ශක්තිමත්භාවය පිළිබඳව නොදැන සිටි බව ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
@දිනමිණ
Please follow and like us: