පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ හිටපු කලමණාකරුට සහ හිටපු ආරක්ෂක ප්‍රධානියාට බරපතල වැඩ සහිත සිර දඬුවම්
පෑලියගොඩ පිහිටි ලංකා ධීවර සංස්ථාවට අයත් තොග මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු කැපීම සඳහා භාවිත කරන මේසයක් අනීතික ලෙස ලබා දී බාධාවකින් තොරව එය භාවිත කිරීම සඳහා ඉඩකඩ සැපයීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගැනීම් චෝදනාවට වරදකරු කරනු ලැබූ එකී වෙළෙඳ සංකීර්ණයේ පරිශ්‍ර කළමනාකාරවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරිවරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න පසුගියදා (16) බරපතළ වැඩ සහිත වසර හයක සිරදඬුවම් නියම කර තිබේ.
පළමුවන විත්තිකාර කළමනාකරු වෙනුවෙන් එකි අල්ලස භාරගෙන සිය භාරයේ තබාගෙන අල්ලස් ලබා ගැනීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ තොග මත්ස්‍ය අලෙවි සංකීර්ණයේ අධ්යක්ෂ සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුද වන දෙවන විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවමක් ලබා දීමට ද විනිසුරුවරිය නියම කර ඇත.
එම්.වී ජවින්ත ගිහාන් හා ජෝන් බාලසිංහ ක්ලිටර්ස් නමැති එම විත්තිකරුවන් දෙදෙනාට ම රුපියල් 5000 හිස් වූ දඩයක්ද නියම කළ විනිසුරුවරිය මින් ඉදිරියට කිසිදු මැතිවරණයක් සඳහා ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි කිරීම, ඡන්ද භාවිත කිරීම මෙන් ම ඡන්ද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීම නුසුදුස්සන් බවට ඔවුන් නම් කර එකි නියෝගය වහාම මැතිවරණ කොමිෂන් සභාව වෙත යවන ලෙසට ද නියෝග කර තබේ.
එයට අමතරව පළමුවන විත්තිකරු ලබාගත් රුපියල් ලක්ෂයක අල්ලස් අතිරේක දඩයක් ලෙස අය කර ගැනීමටද නියම කළ විනිසුරුවරිය තම අතිරේක දඩය නොගෙවන්නේ නම් අමතර මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබා දීමට ද නියම කර ඇත.
ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කළ පළමුවන චිත්තසාර පරිශ්‍ර කළමනාකාරවරයා මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කළ දෙවැනි විත්තිකරු විනයගරුකව කටයුතු කළ යුතු එවැනි වැරදි සිදු නොකළ යුතු පුද්ගලයන් වුවත් වැරදි පිටු දැකීම වෙනුවට ඒවා සිදු කිරීම හා ආධාර අනුබල දීම ඉතා බරපතළ කරුණු වන්නේ යැයි විනිසුරුවරිය සිය නින්දුව නිකුත් කරමින් පෙන්වා දී තිබේ.
@Lanka Truth