Latestවිදේශීය

ඊශ්‍රායලය නැවතත් ගාසා තීරයට පහර දෙයි

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසුව සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීම නැවත ආරම්භ කරන බව ඊශ්‍රායලය පවසයි. ඊශ්‍රායලය සඳහන් කළේ මෙය හමාස් සංවිධානය විසින් ගිවිසුම නොසලකා හැරීමකට එල්ල කළ ප්‍රතිචාරයක් බවයි.

කෙසේ නමුත් ඊශ්‍රායල හමුදාව, හමාස් සංවිධානයට එරෙහිව ප්‍රහාර රැල්ලක් දියත් කළ බව ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව, ගාසා තීරයේ සටන් විරාමය තවමත් ක්‍රියාත්මක බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇත.

රාෆාහි තම හමුදා දෙසට “හමාස් සටන්කාමීන් යුද ටැංකි නාශක මිසයිලයක් සහ වෙඩි තැබීමක්” සිදු කළ බව ඊශ්‍රායල හමුදාව පැවසීමෙන් පසු ඉරිදා දිනයේ දී දකුණු ගාසා තීරයේ ප්‍රහාර ආරම්භ වූ අතර, එහිදී සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තිබුණි.

තමන් කිසිදු ගැටුමක් ගැන නොදන්නා බවත් සටන් විරාමයට කැපවී සිටින බවත් එයට පිළිතුරු දෙමින් හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබේ.

ඊයේ සවසවන විට, ඊශ්‍රායලය ගාසා තීරය පුරා හමාස් ඉලක්ක වෙත පහර දුන් බවත් ඉන් පුද්ගලයින් 44දෙනෙකු මිය ගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *