Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකාවට තියුණු ජයක් – චමරිගෙන් සුපිරි පන්දු යැවීමක්

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (20) පැවැති තරගය ලකුණු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පන්දුවාර 48 යි පන්දු 4ක් අවසානයේ දී සියලුදෙනා දැවී ලකුණු 202ක් රැස් කළාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 195ක් පමණි.

මෙම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ චමරි අතපත්තු අවසන් පන්දු වාරයේදී දුවද්දී දැවී යාමක්ද සමග පළමු පන්දු හතරේදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූවාය.

තවද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වංශ කතාවේ වැඩිම ලකුණුලාභිනිය වන චමරි අතපත්තු එක්දින ජාත්‍යන්තර පිටියේ ලකුණු 4,000 සීමාව පසු කර යෑමට අද බංග්ලාදේශය සමඟින් පැවැත්වෙන තරගයේදී සමත් විය.

මෙවැනි දස්කමක් දැක්වූ ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩිකාවත් ආසියාවේ 4වෙනි ක්‍රීඩිකාව ලෙසත් චමරි ඉතිහාසගත විය.

35 හැවිරිදි වියේ පසුවන චමරි මේ වනවිට ක්‍රීඩා කර ඇති එක්දින තරග ගණන 120කි.

එහිදී ඇය ලබාගෙන ඇති අර්ධ ශතක ගණන 20ක් වන අතර ශතක ගණන 9කි.

ඇය එක්දින තරගයක ඉනිමකදී ලබා ඇති වැඩිම ලකුණු ගණන 195ක්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *