Latestදේශීය

රටේ 83%ක්ම යාචක මානසිකත්වයක බව……

අපේ රටේ පවුල්වලින් සියයට 83ක් යාචක මානසිකත්වයෙන් පෙළෙන බව ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ ඇමැති ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය.

‘අවශ්‍යතාව නෙවෙයි, පුදුම මානසිකත්වයකින් පෙළෙනවා ආධාර ලබාගන්න ඕනෑ කියලා. ඒ කියන්නේ ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි, අපි දිළිඳු මානසික වශයෙනුත් අපි ඉතා බරපතළ ලෙස දිළිඳුයි’ යැයිද ඇමැතිවරයා කීවේය.

අපේ රටේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව 2024 වසරේ පවුල් ලක්ෂ 52ක් පමණක් සිටින බවද එහෙත් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයට පවුල් ලක්ෂ 43ක් අස්වැසුම ඉල්ලා තිබෙන බවද ඇමැති උපාලි පන්නිලගේ මහතා කියා සිටියේය.

මේක ගැන ක්ෂුද්‍ර මට්ටමින් පමණක් බලන්න හොඳ නෑ. මේ රටේ දේශපාලනය කරපු අය, සමහර වෙලාවට ජනාධිපතිවරු වෙලා හිටපු අය, කල්පනා කරලා ඔවුන්ව බලාගන්න ඕන කියලා මහජනතාව විසින්. ඔවුන්ට ගෙවල් දෙන්න ඕන කියලා හිතනවා. වාහන දෙන්න ඕන කියල හිතනවා. අතට පයට වැඩකාරයො දෙන්න ඕන කියලා හිතනවා. එහෙම සමාජයක අපි ජීවත් වෙන්නේ.

කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඒ අය වෙනුවෙන් වැය කරන්න ඕන කියලා හිතන දේශපාලන සංස්කෘතියක් අපේ රටේ තිබුණා. ඒ දේශපාලන සංස්කෘතියට ගැළපෙන විදියේ සමාජයකුත් අප විසින් දැනුවත්ව හෝ නොදැනුවත්වම අපි නිර්මාණය කරලා තියෙනවා. මෙන්න මේකෙන් ගැලවුණේ නැත්නම් අපේ රටට ඉස්සරහට යන්න බෑ යැයිද ඇමැතිවරයා තවදුරටත් කියා සිටියේය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *