Latestවිදේශීය

ප්‍රංශය සසල කළ ලූවර් කෞතුකාගාර සොකරමට මිනිත්තු 7යි

ප්‍රංශයේ පැරිස් නුවර ලූව්ර් කෞතු­කා­ගා­ර­යට කඩාපැන නැපෝ­ලි­යන් අධි­රා­ජ්‍ය­යට අයත් මිල කළ නොහැකි රන් ආභ­රණ පැහැ­ර­ගත් කොල්ල­ක­රු­වන් සොයා ප්‍රංශයේ දැවැන්ත මෙහෙ­යු­මක් සිදු­වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෞතු­කා­ගා­රය මහ­ජ­න­තා­වට විවෘත කිරී­මෙන් පැය භාග­ය­කට පසු සොර­කම සිදුවී ඇති අතර, කෞතු­කා­ගා­රයේ ගිනි­කො­න­දි­ගින් පිහිටි සේන් නදිය දෙසින් පැමිණි මුහුණු ආව­ර­ණය කර­ගත් කොල්ල­ක­රු­වන් එහි ඇපලෝ ගැල­රිය පිහිටි පළමු මහ­ලට නැඟ ඇත්තේ ලොරි­ය­කට සවි­කළ ඉනි­ම­ඟක ආධා­ර­යෙන් බවත්, අන­තු­රුව විදුරු කවු­ළුව බිඳ ඊට ඇතුළු වී සොර­කම සිදු කර ස්කූටර් මඟින් පලා ගොස් ඇත්තේ මිනිත්තු 7ක් තරම් කෙටි කාල­ය­කදී බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. කොල්ලය සඳහා පුද්ග­ල­යන් සිව්දෙ­නකු පැමිණ ඇතැයි ද වාර්තා වේ.

සොරුන් පිරිස 19 වැනි සිය­ව­සට අයත් රාජ­කීය රන් ආභ­රණ 9ක් පැහැ­ර­ගෙන ඇති අතර, ඉයු­ජිනි අධි­රා­ජි­නි­යගේ ඔටුන්න පම­ණක් පාලු වීදි­යක අත්හැර දමා­ගොස් තිබි­යදී පසුව සොයා­ගෙන තිබේ. දිය­මන්ති 1354ක් සහ මර­කත මැණික් 56ක් ඔබ්බ වූ එම ඔටු­න්නට දැඩි හානි සිදුවී තිබූ බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. නැපෝ­ලි­යන් අධි­රා­ජ­යාගේ දෙවැනි බිරිය මාරි ලුයිස් අධි­රා­ජ­නි­යට අයත් රන් මාල­යක් සහ කරාබු යුග­ල­යක්, නිල් කැට ඔබ්බ වූ ආභ­රණ කට්ටල දෙකක් සහ මර­කත මැණික් ඔබ්බ වූ මාල­යක් ඇතුළු වාණිජ වටි­නා­ක­මට වඩා ඓති­හා­සික වටි­නා­ක­මක් ඇති ජාතික උරු­ම­යක් ලෙස සැල­කෙන ආභ­රණ කට්ටල 8ක් පැහැ­ර­ගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

කොල්ල­යට පැමිණ ඇත්තේ වෘත්තීය මට්ටමේ සොරුන් බවත් පසුව ප්‍රංශයේ සංස්කෘ­තික ඇමැ­ති­නිය රචීඩා ඩාටි ප්‍රකාශ කර ඇති අතර, සිද්ධිය වූ සැණින් කෞතු­කා­ගා­රය වසා දැමී­ම­ටත්, පැමිණ සිටි සියලු සංචා­ර­ක­යන් වහා ඉවත් කිරී­ම­ටත් පිය­වර ගත් පොලී­සිය පරී­ක්ෂණ කට­යුතු ආරම්භ කර තිබේ.

සංචා­ර­ක­යන්ගේ ප්‍රිය­තම කෞතු­කා­ගා­රය ලෙස සැල­කෙන ලූව්ර් කෞතු­කා­ගා­රය පිහිටා ඇත්තේ ප්‍රංශයේ පොලිස් මූල­ස්ථා­නයේ සිට මීටර් 800ක පමණ දුර­කින් බැවින් වඩාත් ආර­ක්ෂිත කෞතු­කා­ගා­ර­යක් ලෙස ද ප්‍රක­ටය. ලොව විශා­ල­තම කෞතු­කා­ගා­රය ලෙස ද සැල­කෙන ලූව්ර් වර්ග මීටර් 73,000ක වප­ස­රි­ය­කින් සම­න්විත වන අතර, එය පාපන්දු ක්‍රීඩාං­ගණ 10ක ප්‍රමා­ණ­ය­කට සමාන බවද කියැවේ. ලියො­නාඩෝ ඩාවි­න්සිගේ ඓති­හා­සික මෝනා­ලිසා ආලේඛ්‍ය ඇතුළු පෞරා­ණික වටි­නා­ක­ම­කින් යුත් ආලේඛ්‍ය චිත්‍ර රැසක් ද ඇතු­ළුව එහි තැන්පත් කර ඇති කෞතුක වස්තුන් සංඛ්‍යාව 35,000කට අධික බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. එක් කෞතුක වස්තු­වක් තත්ත්පර 30ක් බැගින් දිවා රාත්‍රි අඛ­ණ්ඩව පැය 24 පුරා නැර­ඹු­වද, දින­කට නැරැ­ඹී­මට හැකි කෞතුක වස්තුන් ප්‍රමා­ණය තුන්ද­හ­ස­ක­ටත් වඩා අඩු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද ලූවර් කෞතුකාගාරයේ සිදු වූ කොල්ලයේදී සොරකම් කරන ලද ආභරණවල වටිනාකම මේ වන විට අනාවරණය වී තිබෙයි.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී සොරාගෙන ඇති කෞතුක ආභරණවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 102ක් බවයි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *