ලක්මාලිගේ නීතිඥභාවය අහෝසි කරන්නැයි ඉල්ලයි
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පසුගිය දා කළ ප්‍රකාශයකින් “අධිකරණයට අපහාසයක් සිදුවූ” බවට චෝදනා කරමින් වහා ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස නව ජනතා පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, ඊයේ දින (21) නව ජනතා පෙරමුණේ කොලොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර, කොලොන්නාව ආසන ක්‍රියාකාරී ජයසිංහ නමැත්තෙක්, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර සහ රත්මලාන ආසනයේ පිරිවෙන කොට්ඨාස සංවිධායක සමන් රණතුංග අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් ලිඛිත දැනුම් දීමක් කළ බව ය.
ලක්මාලි හේමචන්ද්‍ර පැවසුවේ කුමක් ද?
තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල වී තිබේ.
නාරාහේන්පිට ප්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භූමියක වෙසෙන අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම අත්හිටුවන ලෙස ප්‍රදේශයේ නියෝජිතයෙකු කරන ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඇය මේ අදහස් පළ කළා ය.
එහිදී ඇය පැවසුවේ, “එදා අපි කතා කළානේ මේ ප්‍රශ්නෙ. මං එතකොටත් කිව්වනේ ඒගොල්ලන්ට විරුද්ධව අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න එපා, ඒගොල්ලන්ට යන්න තැනක් නැති හින්ද කියල. එදා අපි එහෙම එකඟතාවකට ආව නේද?” යනුවෙනි.
@බීබීසී සිංහල
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

