Latestදේශීය

ලාල්කාන්ත ගේ ප්‍රගති සමාලෝචනය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින CResMPA, MWSIP, CSIAP, IWWRMP සහ නකල්ස් ව්‍යාපෘතිය යන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය ඊයේ (22) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.

මෙහිදී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දැනට පැන නඟින ගැටළු සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරිණි. CResMPA ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එහි ප්‍රගතිය සාකච්ඡා කිරීමේදී අනාවරණය වූයේ මේ වනවිට ව්‍යාපෘතිය 52%ක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.

MWSIP ( Mahaweli Water Security Investment Program) මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ උතුරු මැද පළාත් ඇළ සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ඇත. මෙම වැඩසටහන 2016 වර්ෂයේ ආසියානු සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල්වලින් ආරම්භ කළ අතර, වසර 10කින් නිම කිරීමට අපේක්ෂිතය. පසුගිය සමයේ ඇති වූ කොවිඩ් වසංගතය සහ ආර්ථික අවපාත හමුවේ මෙම ව්‍යාපෘතිය ගැටළුකාරී තත්වයට පත් වූ අතර, මේ වනවිට මෙහි ප්‍රගතිය 30%ක් පමණ වේ. ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සඳහා ඩොලර් මිලියන 500ක පමණ මුදලක් අවශ්‍ය වේ. ඊට අවශය අරමුදල් ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ අනිකුත් මූල්‍ය ආයතන සමඟ මේ දිනවල සාකච්ඡා කරගෙන යනු ලැබේ.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන දෙවන අදියර යටතේ උතුරු මැද පළාත් ඇළ යකල්ල දක්වා වූ කොටස වසර 4කින් නිම කිරීමට සැලසුම් කර තිබේ. මේ යටතේ උස් බිම් ඉඩම් හෙක්ටයාර් 5000ක අපනයනය කළ හැකි කෘෂි වගාවන් වන අඔ, පේර, දෙළුම්, අන්නාසි, වැල්දොඩම් වැනි පලතුරු වගා කෙරේ.

පැවති දේශපාලන තත්වයන් මත ව්‍යාපෘතීන් අතර මග නවතා දමා තිබුණත් විශාල මුදල් විනාශ කිරීමට වර්ථමාන රජයේ අරමුණ නොවන නිසාත් ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී පැන නඟින් ගැටළු හමුවේ එම ගැටළු විසඳා ගනිමින් ව්‍යාපෘතියේ කටයුතු අදාළ කාලසීමාව ඇතුළත අවසන් කිරීමට කටයුතු කරන ලෙස ඇමති ලාල්කාන්ත මෙහිදී ව්‍යාපෘති භාර නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය ඇමති අරවින්ද සෙනරත් විතාරණ, අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් සහභාගී විය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *