Latestදේශීය

පද්මේගේ දුරකථනයේ පියුමිගේ පින්තූර

කෙ­හෙ­ල්බ­ද්දර පද්මේ සමඟ රංගන ශිල්පි­නි­යන් සහ නිරූ­පණ ශිල්පි­නියෝ 05 දෙනෙක් පමණ සම්බ­න්ධ­කම් පවත්වා ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් කළ විම­ර්ශ­න­ව­ලින් හෙළිවී තිබේ.කෙහෙ­ල්බ­ද්දර පද්මේගේ ජංගම දුර­ක­ත­නය විශ්ලේ­ෂ­ණය කිරී­මේදී කෙහෙ­ල්බ­ද්දර පද්මේ සමඟ ඒ අය සම්බ­න්ධ­කම් පවත්වා ඇති බව පෙනී ගොස් ඇත.

එම නිරූ­පණ ශිල්පීන් සහ රංගන ශිල්පීහු ඩුබා­යිහි සංචා­රය කළ අවස්ථා කිහි­ප­ය­කදී කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඔවුන් සමඟ රැඳී­සිට ඡායා­රූප පවා ගෙන තිබෙන බවත්, එම ඡායා­රූප කෙහෙ­ල්බ­ද්දර පද්මේගේ ජංගම දුර­ක­ත­නයේ තිබී හමුවී ඇති බවත්, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු අනා­ව­ර­ණය කළේය. ඒ අනුව රංගන ශිල්පී පියුමි හංස­මාලි මහ­ත්මි­ය­ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සට­හන් කර­ගෙන ඇත.

ඉදි­රි­යේදී රංගන ශිල්පීන් කිහිප දෙනෙ­ක්ගෙන්ද මේ සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න කිරී­මට නිය­මිත බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

කෙහෙ­ල්බ­ද්දර පද්මේට අයත් උඩු­ග­ම්පොළ පිහිටි කබානා 06ක් සහිත ඉඩ­මක් සහ තවත් ඉඩ­මක් තහ­නම් කිරී­මට ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය පිය­වර ගෙන ඇත. එම වත්ක­ම්වල වටි­නා­කම රුපි­යල් ලක්ෂ 500ක් වන බව එම කොට්ඨා­සය සඳ­හන් කරයි. මෙම දේපළ මත්කුඩු ජාවා­ර­මෙන් උප­යා­ගත් මුද­ල්ව­ලින් මිලදී ගෙන ඇති බව පෙනී යන බැවින් මෙම දේපළ රාජ­ස­න්තක කිරී­මට පිය­වර ගන්නා බව ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *